පොත් ලැයිස්තුව

2. අත්ථි යිට්ඨං (පූජා බුද්ධියෙන් දීමෙහි විපාක ඇත)

star_outline

​තමාට වඩා සීලයෙන් උසස්, ගුණයෙන් උසස් අය කෙරෙහි යමක් දීම, පරිත්‍යාග කිරීම, ත්‍යාග කිරීම යාගය, පූජාව මේ නමින් හඳුන්වයි. සිල්වතුන් ගුණවතුන් උදෙසා යමක් ලබා දෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය සලකාගෙන නොව, ඔවුන්ගේ සීලවන්ත බව ගුණවන්ත බව සලකාගෙනය.

​සිල්වතුන් ගුණවතුන් උදෙසා යමක් ලබා දුන් විට අපේ ජීවිතයට මහා පිනක් රැස්වෙයි. වැඩිපුර පින් ලැබෙන්නේ ද අවශ්‍යතාවය ඇති කෙනාට දීමෙන් නොවේ; සිල්වත් කෙනාට දීමෙන්ය.